පොලිස් වෙඩි පහරින් මරු දුටු නිරෝෂන්ගේ බිරියට සහ දරුවාට පොලිසියෙන් නිවෙසක්


කතරගමදී පොලිස් වෙඩි පහරින් මියගිය පතිරණලාගේ නිරෝෂන් (25) මහතාගේ බිරියට හා දරුවාට අංගසම්පූර්ණ නිවෙසක් හා ව්‍යාපාරික ස්ථානයක් ලබාදීමට කටයුතු කරන බව මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පවසයි.

නිරෝෂන් මහතා ජීවත්ව සිටි නිවෙස අබලන් වී පැවතීම නිසාත් ස්වාමියාගේ වියෝවෙන් පසු බිරියට හා දරුවන්ට ජීවත්වීමට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිවීම නිසාත් ඔවුන්ට ජීවත්වීම සඳහා ව්‍යාපාරික ස්ථානයක්ද ලබා දීමට තීරණය කළ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය. ඒ අනුව අද (25දා) පෙරවරු 11.25ට යෙදෙන සුබ මොහොතින්

කතරගම ප්‍රදේශයේ පිහිටි නිරෝෂන් මහතාගේ නිවෙස තිබූ ස්ථානයේම නව නිවෙසක් හා නිවෙස ඉදිරිපිට ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය පවිත්‍රතා කටයුතු ඊයේ (24දා) සිදු විය.

මියගිය නිරෝෂන් මහතාගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දෙන තුරු අවශ්‍ය වියදම්ද මාසිකව ලබාදීමට කොළඹ කිරුළපන ජචථඥපච.තඬ ව්‍යාපාරික ආයතනයේ හිමිකරු අනුශ්ක ගුණසිංහ මහතා විසින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත. මියගිය පුද්ගලයාගේ තුන් මාසයේ දානමය පින්කම පැවැත්වෙන දිනට පෙර නිවෙස හා ව්‍යාපාරික ස්ථානයේ වැඩකටයුතු අවසන්කර පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ට භාරදී නව නිවෙසේ දානය පැවැත්වීමට කටයුතු කරන බව ව්‍යාපාරික ස්ථානයේ වැඩකටයුතු ආරම්භ කිරීමටත් කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් හා නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ඉල්ලීම පරිදි තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හා පෞද්ගලික දානපතියන්ගේ ශ්‍රම හා ධන පරිත්‍යාගයෙන් අංගසම්පූර්ණ නිවෙස හා ව්‍යාපාරික ස්ථානය ඉදිකෙරෙනු ඇත.

තංගල්ල -
සහම්පති මානගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment