ඇඟ හිරිවට්ටන ට්‍රේන් සෙල්ෆියෙන් පසු තරුණයා රෝහලේ



ඇඟ හිරිවට්ටන ට්‍රේන් සෙල්ෆියෙන් පසු
තරුණයා රෝහලේ

ඊයේ ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කරවන්නට සමත්වූ වීඩියෝවක් මගින් පෙන්නුම් කළේ හයිද්‍රබාද් දුම්රිය ස්ථානයට යාබදව තරුණයෙකු දුම්රිය පැමිණෙන පසුබිමේ තබා වීඩියෝ සෙල්ෆියක් ගන්නට දැරූ උත්සාහයක් හා එහිදී දුම්රියේ හැපෙන ඔහු විසිව යන අයුරුය.
මෙම සිදුවීමෙන්  හිසට බරපතල තුවාල
ඇති කරගත්

තරුණයා මේ වනවිට ආසන්න රෝහලකට ඇතුලු කර තිබෙන අතර දුම්රියේ හැපී වැටුණ පසු ඔහු ඔසවාගෙන ගිය  මිතුරාට ඔහුගේ දුරකථනයේ තිබී අදාළ වීඩියෝව හමුවී තිබුණා.

මෙවැනි අමනෝඥ ක්‍රියාවන් සිදු නොකරන්නැයි අවවාද කරමින් ඉන්දීය මාධය මෙම සෙල්ෆි වීඩියෝව ප්‍රචාරය කර තිබුණි.

තරුණයාගෙ තත්වය බරපතල බවද රෝහල් ආරංචි වාර්තා කර තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment