ජනපති අගමැති කැඳවූ රෝහිත බෝගොල්ලාගම පුතුගේ මංගල්‍යය


නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර නීතිඥ රෝහිත බෝගොල්ලාගම මහතාගේ එකම පුත්‍රයාගේ විවාහ මංගල්‍යයේ
සාක්ෂිකරුවන්

ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මනාල යුවළගේ දෙපැත්තේ සිනාමුසු මුහුණින් සිටි අයුරු.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති මෙම විවාහ මංගල්‍යයේදී මනාල පාර්ශ්වයෙන් ජනාධිපතිතුමන්ද මනාලියගේ පාර්ශ්වයෙන් අගමැතිතුමන්ද සාක්ෂිකරුවන් ලෙස අස්සන් තබනු ලැබූ අතර යුවළගේ දෙපැත්තෙහි සිටි දෙදෙනා මුහුණට මුහුණ බලා සිනාසුණහ. අගවිනිසුරුතුමන්, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්පන්දන්, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ පළාත් අටෙහි ආණ්ඩුකාරවරුද එක්ව සිටියහ.

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment