මාදුළුවාවෙ හාමුදුරුවන්ගෙ දේහයට අත තියලා දිවුරපු මෛත්‍රිද මේ - මහින්ද අසයි


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බළන්ගොඩ කිරිමැටිතැන්න හොප්වෙල් ක්‍රීඩා පිටියේ පැවැති පො.එ.පෙ. රැලියේදී මෙසේ ප්‍රකාශ කළේය.

මෛත්‍රිපාල මහත්තයා මාදුළුවාවෙ හාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පස්සෙ දේහය ළඟ අත තියලා දිවුරලා ප්‍රකාශ කළා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. නමුත් අපි දන්නවා මේ වගේ අත උස්සලා කරන ප්‍රකාශ ඉටුකරන ඒවා නොවන බව. තාමත් ප්‍රමාද නැහැ. ඉඩකඩ තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න. ඇයි නොකරන්නේ

කියා අපි අහනවා.

මෛත්‍රි මහත්තයා කියනවා එයාට මම එදා වැඩ කරන්න ඉඩදුන්නේ නැහැ කියලා. ඇමැතිවරු කරන වැරැදිත් මගේ ඇඟටම දානවා. මොරගහකන්ද ව්‍යාපාරය නිම කරන්න තිබුණේ තව සියයට තිහක් විතර ප්‍රමාණයක්. නමුත් මෙයා එදා කිව්වා සිහිනයක් සැබෑවුණා කියලා. සියයට හැත්තෑවක් මගේ කාලේ කරලා තිබුණා.
මහින්ද චින්තනය යටතේ සිදුකළ හැම දෙයක්ම ඒ ගොල්ලෝ විවේචනය කරනවා. නමුත් ජනතාව දන්නවා මහින්දෝදය විද්‍යාගාර හැදුවේ කවුද කියා. ගුවන්තොටුපොළ, හම්බන්තොට මාගම්පුර වරාය අපි හැදුවේ රටේ යහපත සඳහාමයි.

මම ණය අරගත්තලු. මගේ පාලන කාලය තුළ ගත්තට වැඩිය ණය ප්‍රමාණයක් මේ අයගේ කෙටි පාලන සමය තුළ ගත්තා. නමුත් කරපු වැඩක් නැහැ. අපි බළන්ගොඩ ජල ව්‍යාපෘතිය හදලා බීමට ජලය ලබාදුන්නා. එහි පුංචි කොටසක් ඉතිරිව තිබුණා. එයවත් නිම කළේ නැහැ තවම. මෙයාලට වැඩ බැහැ.
මෙයා අගමැතිට කියනවා හොරු අල්ලන්න උදවු කරන්න කියලා. අගමැතිට පික් පොකට් කාරයා කිව්වා. ජනතාවගේ චෝදනාවන්ට ලක්වූ මෙයාගෙන් නේද උදවු ඉල්ලන්නේ. හොරාගෙන් උදවු ඉල්ලනවා. මේක පුදුම කතාවක්. ජනතාව රැවටෙන්නේ නැහැ. දැන් ජනතාව අවබෝධ කරගෙන ඉන්නේ.
අම්මේ, තාත්තේ රුපියල් සියයට අඩුවෙන් පරිප්පු තියෙනවාද? සීනි තියෙනවාද? පොල් තියෙනවාද? නැහැ. ඒක ජනතාව දන්නවා. ප්‍රසන්න රණතුංග මහතා කිව්වා ඒ පැත්තේ පොල් ගාල හැන්දෙන් මැනලලු විකුණන්නේ.

බළන්ගොඩ - පියසේන එන්. හේවගේ, නලින්ද වලේබොඩ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment