මාසික හිලව් දීමනාවනිසි පරිදි ලබා දීම, දේපළ ණය සීමාව වැඩි කර ගැනීම, වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය. සිය ඉල්ලීම් ඉටු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලිඛිතව දැනුම් දී වසර එකහමාරක් ඉක්මවා ගියද එම දැනුම්දීම් මේ දක්වා ඉටු වී නැතැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.
එම ප්‍රධාන ඉල්ලීම්වලට අමතරව අත්හිටවූ භාෂා දීමනාව ලබා ගැනීම, සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවටම විශ්‍රාම වැටුපක් ලබා ගැනීම, 2006 සිට මේ දක්වා බඳවා ගැනීමේ පටිපාටිය පිළියල නොවීම ආදී ඉල්ලීම් සඳහාද ලිඛිත අනුමැතිය ලැබුණු බව ඒ මහතා පවසයි.
ඒ අනුව විශ්වවිද්‍යාල 15ක 15, 000ක් පමණ වන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් දියත් කළ බවත් ඒ හේතුවෙන් පේරාදෙණිය ඇතුළු සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යන කටයුතු අඩාල වුණු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. එහෙත් සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවය යෙදී ඇති බැවින් ඒ සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ස්වෙච්ඡාවෙන් සේවය කරන බවත් ඇතැම් විශ්වවිද්‍යාලවල විභාග රාජකාරී වෙනුවෙන් මානුෂීය සේවයක් ලබා දීමට අනධ්‍යයන කාර්යය මණ්ඩල ඉදිරිපත්වී සිටින බව ද සම සභාපතිවරයා පැවසුවේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර
0 comments :
Post a Comment