අත් අඩංගුවට ගෙන තමන් වෙත භාර දෙන්නැයි ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබුණු මෙම රුසියානු ඔත්තුකරුවා පිළිබඳව තොරතුරු අප මීට පෙර "ඇමරිකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිවෙයි" යන පුවතින් හා ඒ සබැඳි පුවත් වලින් අනාවරණය කළෙමු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණු ඔහුව අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබිණි. එසේ තිබියදී රජයේ ඉහළම බලධාරියකුගේ ද අනුබලය ඇතිව ඔහු රුසියාවට පළා ගොස් තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණ සිටි රුසියානු ප්රබලයකුගේ පෞද්ගලික ජෙට් යානාවකිනි.
කෙසේවෙතත් අත් අඩංගුවට ගත් අවස්ථාවේදී මොහුට ඇප තබා තිබුණේ ඔහු පදිංචිව සිටි වැලිගම ප්‍රදේශයේ වැසියන් 06 දෙනෙකි. පසුගියදා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ඔවුන් හඬා වැළපෙමින් ප්‍රකාශ කර ඇත්තේ රුසියානුවා පළා ගොස් ඇති බැවින් තමන්ට මෙම ඇප මුදල ගෙවීමට සිදු වුවහොත් තමන් විනාශ වනු ඇති බවයි. රුපියල් ලක්ෂ 35කට අධික ඇප මුදල තමන්ට කෙසේවත් ගෙවා ගන්නට නොහැකි බව ඔවුන් විසින් ප්‍රකාශ කර තිබේ. ඒ අවස්ථාවේදී මෙම සම්පූර්ණ ඇප මුදලම ගෙවා දමන්නට රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරියකු එකඟ වී තිබේ.
අප මීට පෙර ද සඳහන් කළ ආකාරයට මෙම මැනෝකිං ෆැර්ඩෝව් නමැත්තා රුසියන් ඔත්තුකරුවෙකි. පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී සයිබර් ක්‍රියාකාරිකයකු ලෙස ඔහු මැදිහත් වීමක් කර තිබේ. ඇමරිකාව විසින් ඔහුව ඉල්ලා සිටියේ එබැවිනි. ඔහුට ශ්‍රී ලංකාවෙන් රුසියාවට පළා යාම සඳහා කටයුතු සකස් කර දුන්නේ රුසියානු රජය විසින් බව මෙම ඇප මුදල ගෙවීමට රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපත් වීමෙන් තහවුරු වේ.
රුසියානු ඔත්තුකරුවා පැන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින්
නීතිපති දෙපාර්තමේන්තුවේ අනෝන්‍ය නීති සහාය (MLA) විෂය භාරව සිටින්නේ ශ්‍රී ලංකාවේ හිටපු කීර්තිමත් අගවිනිසුරුවරයකුගේ පුතෙකි. ඔහු දූෂිතයකු හෝ වංචනිකයකු නොවුණ ද උපන්ගෙයි කම්මැලියෙකි. ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාව විසින් ඉල්ලා ඇති නඩු ගොනු මේ වන විටත් තැන තැන සිරවී ඇත්තේ මොහු වැඩ නොකරන නිසාවෙනි.
ඉහත මැනෝකිං නමැති ඔත්තුකරුවා ද ඇප මත නිදහස් වන අවස්ථාවේදී ප්රතිශෝධන ඉල්ලුම්පත් අධිකරණයට ඉදිරිපත් කර ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන්නට ක්රියාකරන්නට හැකියාව තිබිණි. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව එසේ කටයුතු නොකළ නිසා ඔහු ඇප මත නිදහස් වී රුසියාවට පැන ගියේය. මෙය සම්පූර්ණයෙන් ම නීතිපති දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව නිසා සිදු වූ දෙයකි.
සබැඳි පුවත් -
ඇමරිකාව සහ රුසියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට ශ්‍රී ලංකාව මැදිවෙයි
0 comments :
Post a Comment