අද සහ හෙට යන දෙදින තුළ පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම සිදු කෙරේ. මේ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභා පරිශ්‍රය ආශ්‍රිතව ඡන්ද මධ්‍යස්ථාන 7ක් පිහිටුවා තිබේ.
සාමාජිකයින් සිව් දෙනෙකු තෝරා පත් කරගැනීම සඳහා වන ඡන්දයට 13 දෙනෙකු ඉදිරිපත් වී සිටින අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා වෛද්‍යවරු 27,500ක් සුදුසුකම් ලබා සිටිති.
මෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයෙන් අවසන් විය.
හෙටින් ඡන්ද විමසීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකර ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.
තෝරාගත් නව සාමාජිකයින් සමඟ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලබන 26 වනදා යළි රැස්වීමට නියමිතය.
- රංජිත් නිශාන්ත
0 comments :
Post a Comment