"පිස්සු වැඩ කරන්න එපා." ඇමති සාගලගෙන් පොලිස්පතිට දෝස්මුරයක්.


පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් වෙඩි තබනු ලැබීමෙන් එම යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ කතරගම ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය හමුවේ පොලිසිය විසින් ක්‍රියාකල ආකාරය නිතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායකගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

ඒ, අදාල සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ උදැසන අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරයා කැඳවූ  අවස්ථාවේ දීය.

"පිස්සු වැඩ කරන්න එපා. ජනාධිපතිතුමයි, අගමැතිතුමයි මට කතා කරලා මේවා අහන්නේ... මෙහෙම වැඩ කරපුවහම මම කොහොමද උත්තර දෙන්නේ" යනුවෙන් දැඩි විවේචනයක් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත එල්ල කර තිබේ.

එහිදී පොලිස්පතිවරයා වෙත බැන-වැදී ඇති අමාත්‍යවරයා මෙවැනි අවස්ථාවක ක්‍රියාකල යුතු ආකාරය මිට පෙර දැනුම් දී තිබුණ ද පොලිසිය එසේ ක්‍රියාකර නොමැති බව ද පෙන්වා දී තිබේ.

මේ අතර පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයා වෙත අමාත්‍යවරයා නියෝග කර තිබේ.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අද දහවල් ටුවිටර් පණිවිඩයක් ද නිකුත් කර තිබේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment