දොස්තර ඡන්දේ ප්‍රතිඵල මෙන්න.


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඊයේ (25)පැවති නිලවරණයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන වෛද්‍යවරුන් හතරදෙනෙකු තේරී පත්වුණා.

එහිදී එම සංගමයේ සභාපති ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඡන්ද 6254ක් ලබාගත්තේ සියයට 77 ක ප්‍රතිශතයක් වාර්තා කරමින්.

වෛද්‍ය නලින්ද හේරත් ඡන්ද 5676ක් ලබාගත් අතර, වෛද්‍ය හැරිස් පතිරගේ සහ වෛද්‍ය නවින්ද සොයිසා පිළිවෙලින් ඡන්ද 5250 ක් සහ 5117ක් ලබාගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙහිදී නිලවරණයට ඉදිරිපත් වූ වෛද්‍යවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ද හටගත්තා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභික ධුර 8 ක්‌ සඳහා ඊයේ සහ පෙරේදා (23 දා සහ 24 දා) පැවැති ඡන්ද විමසීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරග කළ සිව් දෙනාම 80% ක ඡන්ද ප්‍රමාණයක්‌ ලබමින් වෛද්‍ය සභාවට තේරීපත්විය.

එහිදී එම සංගමයේ සභාපති ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඡන්ද 6254ක් ලබාගත් අතර එය 77 % ක ප්‍රතිශතයකි.

වෛද්‍ය නලින්ද හේරත් ඡන්ද 5676ක් ලබාගත් අතර, වෛද්‍ය හැරිස් පතිරගේ සහ වෛද්‍ය නවින්ද සොයිසා පිළිවෙලින් ඡන්ද 5250 ක් සහ 5117ක් ලබාගත්හ.

කෙසේ වෙතත් මෙහිදී නිලවරණයට ඉදිරිපත් වූ වෛද්‍යවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ද උද්ගත විය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment