මෛත්‍රී නැත්නම් එජාපය අනාථයි.


මෙවර පළාත් පාලන මැතිවරණ සටනේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දායකත්වය නොවන්නට එක්සත් ජාතික පක්ෂය නන්නත්තාර වීමට බොහෝදුරට ඉඩතිබු බව එජාප තරුණ මන්ත්‍රීවරයකු පැවසිය.

පසුගිය වසර තුනක යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ලැබුනාවූ 'කුඩම්මාගේ සැලකිලි' සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව සිටි එජාප ක්‍රියාකාරීන්ට හා හිතවතුන්, ජනාධිපතිවරයා පසුගිය සති කිහිපයේ එජාප නායකත්වය හා එජාපය ඉලක්කකර ගනිමින් කල ප්‍රකාශ වලින් ආවේගයට පත්ව යළි පක්ෂය දිනවීමට සක්‍රියව මැදිහත්ව සිටින බව ඔහු කියා සිටියේය.

මෙම මැතිවරණයේදී එජාප හිතවතුන් ඡන්ද පොලට ගෙනයාමේ බරපතල අර්බුදයක් පැවතියද ජනාධිපතිවරයාගේ අවේගාත්මක ප්‍රකාශ තුලින් මෙසේ ඊට විසඳුමක් ලැබුන බවද හෙතෙම සඳහන් කළේය.

මැතිවරණයට අදාලව එජාප මාධ්‍ය අංශය හා ප්‍රචාරක කටයුතු මුළුමනින්ම පාහේ අඩාලව පවතින මොහොතක  ජනාධිපතිවරයාගේ දායකත්වය ඉහලින්ම අගයකල යුතු බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment