මැතිසබේ අද රැස්වෙයි : තීරණාත්මක දවසක්.


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාව පරිදි අද (19) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වෙයි.

බැඳුම්කර ගනුදෙනුවට හා බරපතළ වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා විවාද කළ පසුගිය 24 වැනිදා සභාව කල් තබන ලද්දේ අද (19) පෙරවරු 10.30 දක්‌වා වන අතර ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සකස්‌ කළ ආචාර ධර්ම පද්ධතිය සහ නව ස්‌ථාවර නියෝග සම්මත කර ගැනීම සඳහා වෙයි.

ඒ අනුව රට තුළ පවත්නා දේශපාලන වාතාවරණය මත එක්‌සත් ජාතික පක්‍ෂය හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යන පාර්ශ්ව දෙකෙන් කිනම් පාර්ශ්වය ආණ්‌ඩුව පිහිටුවූවද පාර්ලිමේන්තුව රැස්‌වන බව වාර්තා වෙයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමේ බලය ජනාධිපතිවරයා සතු වන අතර එසේ කල් තැබූ පාර්ලිමේන්තුව යළි රැස්‌වන්නේ නව පාර්ලිමේන්තුවක්‌ ලෙස බවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම නව සැසිවාරය ඇරැඹෙන බවද වාර්තා වෙයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment