ජාතික ප්‍රශ්නය විසඳා රට දියුණු කරමු - ආර්. සම්බන්ධන්

ජාතික ප්‍රශ්නය විසඳා රට දියුණු කරමු - ආර්. සම්බන්ධන්
විපක්ෂ නායකවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ මේ බව සඳහන් වේ.
 
ජාතික ගැටලුවට විසඳුම් ලබාදෙන, ජාතීන් අතර සාමය සමගිය ගොඩනැංවෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පෙන්වා දෙන විපක්ෂ නායකවරයා සියලු පක්ෂවලන් ඉල්ලා සිටින්නේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙසයි.
 
නිදහසින් වසර 70 ක් ගෙවීයන මොහොතේ අප තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටින බව විපක්ෂ නායකවරයා කියා සිටී. එහෙත් රටක් ලෙස නිදහසේ සැබෑ ප්‍රතිලාභ භුක්ති විඳීමට අප තවමත් අසමත් වී ඇති බවත් ඒ සඳහා මෙතෙක් කල් බලයට පත් වූ සියලු රජයක්ම වගකිව යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
 
අදාල නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් වේ.
 
සතුටට හා ප්‍රීතියට හේතුවන කරුණුවලට වඩා ශෝකී හා දුක්ඛිත සිදුවීම්වලින් සමන්විත අතීතයක් අප පසු කළෙමු. එහෙත් එවැනි තත්වයක් නැවත ඇතිවීමට ඉඩදිය නොහැක. එක් රටක එක් ජනතාවක් මෙන් සියලු දෙනාට ගෞරවයෙන් යුතුව ජීවත් වියහැකි රටක් බිහිකිරීම අද දවසේ අපගේ වගකීමයි.
 
එබැවින් සියලු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි, සංහිඳියාව ගොඩනැගිය හැකි නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් සියලු පක්ෂ එක්ව කටයුතු කළ යුතුය. බිඳවැටී ඇති රට, ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනතාව අතර සාමය, සංහිඳියාව ස්ථාපිත කිරීම මහත් පිටුවහලක් වනු ඇත.
 
UN
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment