ඇමති සාගල ඉල්ලා අස්වන බවට ෆේස් බුක් පණිවිඩයක්

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
එහි පහත සටහන අඩංගුය.


‘නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා.‘

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget