එම අවකාශයේදී නාට්‍ය විද්‍යාර්ථයන්, අධ්‍යක්‍ෂවරුන්, රචකයන් නළු නිළියන්, විචාරකයන්, රංගාලෝක ශිල්පීන්, පසුතල නිර්මාණකරුවන්, වේදිකා කළමණාකරුවන්, සිසුන් සහ ප්‍රේක්‍ෂකයන් ආදී සියලු දෙනා එක් අවකාශයකට එක්වී නාට්‍ය කලාවේ නිම් වළලු පුලුල් කිරීම උදෙසා සංවිධානය කරනු ලබන්නාවූ කතිකාවකි.
ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම පසුගිය වසර පුරා පවත්වාගෙන ආ ‘කොළඹ නාට්‍ය කථිකාව’ නම්වූ නාට්‍ය කලාවේ අතීතය, වර්තමාන සහ අනාගතය සම්බන්ධ සංවාද මාලාව පසුගිය ජූලි මස සිට යළි ආරම්භ කර අතිසාර්ථකව පැවැත්විණි. මෙම කතිකාව මෙම මස අවසන් අඟහරුවාදා සවස 5 සිට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙම නාට්‍ය කතිකාව සඳහා නාට්‍ය කලාවට අදාළ වීඩියෝපට ප‍්‍රදර්ශනය කරන අතර, ඉන් අනතුරුව සංවාදය පැවැත්වේ. එහි හයවන අදියර ලෙස,
‘මිර(ර්) ඔෆ් ද ඒජ්’ (රංගකලා පාරාදීසය) වාර්තා චිත‍්‍රපටය හා සංවාදය පෙබරවාරී මස 27 වැනිදා පැවැත්වේ. (මෙහෙයවීම - නාට්‍යවේදී එම්. සෆීර්/ හේමන්ත ප‍්‍රසාද්)
‘මිර(ර්) ඔෆ් ද ඒජ්’ (රංගකලා පාරාදීසය)
නැගෙනහිර ජර්මනිය රංගකලා පාරාදීසයකි. මිලියන 16 ක පමණ ප්‍රේක්‍ෂකාගාරයක් සහ ශිල්පීන් සඳහා රාජ්‍යයන් 60 ක් පමණ සහනාධාර සපයයි. ඔවුන් ජීවිත පැවැත්ම උදෙසා කොන්ත‍්‍රාත්තුවක් සහ වෙනත් රටවල ශිල්පීන් සිහිනෙන් පමණක් බලපොරොත්තු වන සමාජ ආධාර ක‍්‍රමයක් භුක්ති විඳියි. ඊටත් වඩා ජර්මානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ (GDR) බර්ට්‍රෝල්ඩ් බ්‍රෙෂ්ට් විසින් නිර්මාණය කළ දේශපාලන සහ සෞන්දර්ය සංකල්පයක් වන 'නව යුගයේ රංගකලාව' ඔවුන්ගේ නිෂ්පාදනවලට සුවිශේෂී පැතිකඩක් ලබා දුන්නා පමණක් නොව ඉතා ඉහළ මට්ටමකින් ඇගැයීමක් ද කරන ලදී.
සමාජවාදී රාජ්‍යයන්, රංගකලා සංස්කෘතිය සිය වත්කමක් ලෙස සැලකුවා සේම, කලාව යම් පාරිභෝගික වාණිජ භාණ්ඩයක් පමණක් නොව එය මානව අයිතිවාසිකමක් යන සිද්ධාන්තය ද පිළිගන්නා ලදී. ජර්මානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයේ රංගකලා නිෂ්පාදකයින් තමන්ට වෙන් කරන ලද භූමිකාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට අධිෂ්ඨාන කර තිබුණි. එහෙත් රාජ්‍යන්ගේ මැදිහත්වීම වැඩිවෙත්ම යථාර්තය සහ පරමාදර්ශය අතර හිදැස ද සහෘදයින් සහ විරුද්ධවාදීන් අතර ගැටුම් ද වඩ වඩාත් වර්ධනය වන්නට විය.
මෑත යුගයේදී ජර්මානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජය රංගකලාව 'ජාතියේ විඥානය' යන අසාමාන්‍ය භූමිකාවට අනුගත වී ශක්තිමත් වගකීමකින් යුක්තව එය ක‍්‍රියාත්මක කරන ලදී. 'ලෝකය වෙනස් කිරීමට' බ්‍රෙෂ්ට්, වින්දනයක් ලද රංග කලාව එය අකුරුටම පිළිපැද්දේය.
0 comments :
Post a Comment