ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරය තොණ්ඩමන් අතට

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරය තොණ්ඩමන් අතට

එම කොංග්‍රසයේ සභාපති ලෙස කටයුතු කළ මුත්තු සිවලිංගම් මහතා එම ධුරයෙන් ඉවත් වීමත් සමග එම සභාපති ධුරය සඳහා ආරුමුගන් තොණ්ඩමන් මහතා මෙසේ පත්ව තිබේ.

මෙයට අමතරව මධ්‍යම පළාත් කෘෂිකර්ම, මිරිදිය ධීවර, ද්‍රවිඩ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. රමේෂ්වරන් මහතා එම කොංග්‍රසයේ භාණ්ඩාගාරික ලෙස පත්ව ඇත.

රාමේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ මුත්තු සිවලිංගම් මහතා රෝගි තත්ත්වයෙන් පසුවන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි. එසේම පක්ෂයේ කෘත්‍යාධීකාරි රැස්වීමේදී පක්ෂයේ සභාපති හා මහා ලේකම් වශයෙන් අරුමුගන් තොණ්ඩමන් මහතා පත්කෙරුණු බවත් මෙතෙක් භාණ්ඩාගාරික තනතුරක් නොතිබු බැවින් අද සිට තමන් භාණ්ඩාගාරික වශයෙන් පත්කරනු ලැබූ බවත් ඒ මහතා පැවසීය.

එම්.සී.ඩී. මනුර - දික්ඔය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment