පින්නවල අලි අනාථාගාරය ජාත්‍යන්තර අපකීර්තියට

පින්නවල අලි අනාථාගාරය ජාත්‍යන්තර අපකීර්තියට

ආසියාවේ අලි අනාථාගාර පිළිබඳව සංචාරකයන්ගේ අදහස් විමසමින් සිදුකරන ලද එම පර්යේෂණයේ ප්‍රතිඵල අනුව සමීක්ෂණයට භාජනය වූ රටවල් 35කට අයත් සංචාරකයන් 279 දෙනා අතරින් 37%ක් පින්නවල අලි අනාථාගාරයේදී ලැබූ අත්දැකීම් අසතුටුදායක බව සඳහන් කර ඇත.

මෙලෙස අපකීර්තියට පත්වීමට හේතු වශයෙන් අලි ඇතුන්ට අකාරුණිකව සැලකීම, අැත්ගොව්වන්ගේ නොමනා ක්‍රියා කලාපය, සංරක්ෂණය පිළිබඳ උනන්දුව මද බව සහ අධික ගාස්තු අය කිරීම ඇතුළු කරුණු 10ක් ඉදිරිපත් කර තිබේ. අලි ඇතුනට හිංසාකාරී ලෙස සැලකීම සහ අැත්ගොව්වන්ගේ නොමනා හැසිරීම පිළිබඳව සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් අකමැත්ත පළ කර තිබේ.

ආසියාවේ අලි අනාථාගාර පිළිබඳ විවිධ රටවල සංචාරකයන්ගේ අදහස් ඇසුරින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර මෙම දත්ත 2016 වසරේ අගෝස්තු පළමුවෙනිදා සිට 2017 ජනවාරි 31 දක්වා සංචාරකයයන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව සකස් කර තිබේ.

මෙම සමීක්ෂණය සඳහා දත්ත ලබාගෙන තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ සංචාරක කර්මාන්තයට අදාළ වෙබ් අඩවියක් වන TripAdvisor හරහායි.

එම පර්යේෂණ පත්‍රිකාව පහත දිගු මඟින් ලබා ගත හැකිය.

http://ift.tt/2CaNucs

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment