ඊයේ අත්අඩංගුවට ගත් අර්ජුන් කසුන් අද දක්වා රිමාන්ඩ් - බැංකු මාමා සිංගප්පූරුවේ



කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග මත අත්අඩංගුවට ගත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු
අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙයි.

අර්ජුන් ඇලෝසියස් ඊයේ (04) උදෑසන කොල්ලුපිටියේදීද කසුන් පලිසේන වැල්ලවත්තේදීද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (04) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.
මීට අමතරව මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ද මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත්දා නම් කර ඇති අතර
සිංගප්පූරුවේ සිටින ඔහු පෙබරවාරි 15ට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට එහිදී නොතීසි නිකුත් කර තිබෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment