ගාල්ලේ කොට්ඨාස10ක නාය යාමේ අවදානමක්

ගාල්ලේ කොට්ඨාස10ක නාය යාමේ අවදානමක්

මෙසේ නායයාමේ අවදානයක් ලක් වී ඇති ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශ වන්නේ තවලම, නෙළුව, නියාගම, ඇල්පිටිය, ඉමදුව, යක්කලමුල්ල, බද්දේගම, නාගොඩ, උඩුගම සහ ගාල්ල යන දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල බල ප‍්‍රදේශවල පිහිටි ස්ථාන වේ. 

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරී ඊ.ආර්. බන්දුල මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මිනිසුන් අවදානම් සහිත ස්ථානයන්හි නිවාස ආදී ගොඩනැගිලි ඉදිකරන බැවින් එම අවදානම හටගෙන ඇති බවයි. එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙලෙස නායයාමේ අවධානම් තත්ත්වයක් ඇති බව නිවේදනය කළ බවද ඒ මහතා පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යාමේ තර්ජනයට ලක් වී ඇති ප‍්‍රදේශ ලෙස නම් කර ඇති ස්ථානවල යම් කිසි ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබා ගත යුතු බව ආපදා කළමණාකරණ අමාත්‍යංශය මෙම සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

එසේම මෙම නායයාමේ තර්ජනයට ලක් වී ඇති ප‍්‍රදේශවල මංමාවත් සංවර්ධනය, කෘෂි වාරි කටයුතුවලදී වැලි ගොඩ දැමීම්, පස් කැපීම් වැනි කටයුතු සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබාගත යුතු වේ.

දමිත් සඳනුවන් කීර්ති - යක්කලමුල්ල

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment