"ඔබ මේ කොළඹ නගරය දියුණු කරනවා දැකීම මගේ අරමුණයි"

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19) අරලිය ගහ මන්දිරයේදී කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. ප්‍රථම වතාවට කොළඹ මහ නගර සභාව වෙනුවෙන් කාන්තා පුරපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය තේරී පත්ව ඇති අතර ජනතා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 


"ඔබ මේ කොළඹ නගරය දියුණු කරනවා දැකීම මගේ අරමුණයි. අපි කොළඹ නගරයේ ජනතාවගේ ගැටලු විසඳිය යුතුයි. කොළඹ නගරයේ වැඩි පිරිසක් දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාව ඉන්නේ. එම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් අපි දියුණු කළ යුතුයි. ඔබ මනාපයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු නොවෙයි. ඔබ ඔබේ කොට්ඨාසය නියෝජනය කිරීමට තෝරා ගත් මන්ත්‍රීවරයායි. එම නිසා ගෙයින් ගෙට ගොස් එම ජනතාව මුණගැසෙන්න. ඔවුන්ගේ ප්‍රශ්නවලට ගැටලුවලට ඔබේ සේවය ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. අපි මැතිවරණයට ඉදිරිපත් වුණේ එම ගැටලු විසඳීමට හැකි නිසයි. අපි කොළඹ නගරයේ ජනතාව සමඟ ජීවත් විය යුතුයි. තේරී පත්වූ ඔබේ යුතුකම වන්නේ එය ආරක්ෂා කිරීමයි.

මහජනතාව වෙනුවෙන් මේ නගර හා ප්‍රදේශ දියුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හැමදාම කැපවී ක්‍රියා කළා. ජනතාව බලාපොරොත්තු වන සේවාව සැපයීම සඳහා මධ්‍යම රජය සම්පත් යොදවනවා. ඒ වගේම පවතින ගැටලු පිළිබඳවත් අප දැනුවත්ව සිටිනවා.කොළඹ නගරයට ඩෙංගු ගැටලුව තිබෙනවා. ඒවගේම කැලි කසල ඉවත් කිරීම පිළිබඳවත් අපි කතා කළා. ජනතාවගේ එදිනෙදා ගැටලු අපි සාර්ථකව විසඳිය යුතුයි."

ඒ අනුව දැනට පවතිනවාට වඩා හොඳ ජීවන රටාවක් කෙරෙහි විශ්වාසය තැබූ කොළඹ නගර වැසියන්ට එය උදාකර දෙන්නැයි අගමැතිවරයා ඉල්ලා සිටියේය.

rosi senanayaka 1 web

rosi senanayaka 2 web

rosi senanayaka 3 web

rosi senanayaka web

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment