විල්පත්තු ට්‍රිප් එකේදී විශේෂඥ වෛද්‍යවරියගෙ ලක්ෂ 134ක දේපළ වංචාකළ සෆාරි හිමිකරු


විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ සියයක පමණ මුදලක් සහ රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ වංචා කර එම දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සෆාරි සේවා සපයන්නෙකු
රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරිර ඇප පහක් මත මුදා හරින ලෙස තබුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානී මහත්මිය නියෝග කළාය.
ඒ අනුව එම ඇපකරුවන් පස් දෙනාගෙන් දෙදෙනකු රුපියල් විසිපන් දහසකට වඩා මූලික වැටුපක් ලබන රජයේ සේවකයින් විය යුතු බවටත් අනෙකුත් ඇපකරුවන් දෙදෙනා

සැකකරුගේ ළඟම ඥාතීන් විය යුතු බවටත් නියෝග කෙරිණ. ලබන ජුලි මස 10 වැනි දින යළි නොච්චියාගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකරුවන්ට තවදුරටත් දැන්වීය.
මෙසේ ඇප මත මුදා හැරියේ නොච්චියාගම විල්පත්තුව ලිපිනයේ ඉසුරු චතුරංග දයානන්ද නමැත්තෙකි. වවිනියාව මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක නොච්චියාගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර තිබිණ.
සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දන්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සඳහන් කළේ සැකකරුට එරෙහිව නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති විශේෂඥ වෛද්‍යවරිය විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාචිතා කරන අයෙකු බවයි. ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් ඇති බව ද අධිකරණයට අවධාරණය කළ නීතිඥවරයා ඒ බව සනාථ කළ හැකි ලේඛන ඊමේල් කෙටි පණිවිඩ තමන් සතු බව ද කීවේය. පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍රී ලාල් තලංගල්ල මහතා අධිකරණයට ප්‍රකාශ කළේ සැකකරු පැමිණිලිකාර වෛද්‍යවරියගෙන් රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ ලබා ගෙන ඇති බවයි. ඊට අමතර පැමිණිලිකාර වෛද්‍යවරිය ඔහුට මුදලින් රුපියල් ලක්ෂ සියයක් අවස්ථා තිස් තුනකදී ලබාදී ඇති බවත් ඒ බව සනාථ කළ හැකි ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවත් නීතිඥවරයා කීවේය.

අවම වශයෙන් සැකකරු පැමිණිලිකාර වෛද්‍යවරියගෙන් ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ හෝ ආපසු ලබා දෙන්නේ නම් පැමිණිල්ල සමථ කර ගැනීමට හැකියාවක් පවතින බව ද නීතිඥවරයා සඳහන් කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා තවදුරටත් අධිකරණයට සඳහන් කළේ පැමිණිලිකාරි වෛද්‍යවරිය ලබා දුන් බව කියන දේවල් එකින් එක ප්‍රකාශ කළ ද පැමිණිලිකාර වෛද්‍යවරියට සැකකරු ලබා දුන් දේවල් ද එකිනෙක කිව හැකි බවත් ඒවා මිල කළ නොහැකි ඒවා බවත්ය. පැමිණිලිකාර වෛද්‍යවරිය සැකකරුට විදේශගත වීමට ඇරයුම් කර ඇති බවත් සැකකරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා වෛද්‍යවරිය ඉල්ලා සිටි ආලය නොදුන්න නිසාත් චෙරි චේතනාවෙන් සැකකරුට එරෙහිව අසත්‍ය චෝදනා නගන බවත් නීතිඥ විජේරත්න මහතා අධිකරණයට කියා සිටියේය. මෙම අධිකරණය අනාචාරයේ හැසිරෙන්නන්ට උදවි කරන ස්ථානයක් බවට පත් කිරීමට පොලිසිය උත්සහ දරන බවට චෝදනා කළ නීතිඥ විජේරත්න මහතා අධිකරණය එවැන්නකට ඉඩ ලබා නොදෙනු ඇති බවට තමන් දැඩිව විශ්වාස කරන බව ද කීව්වේය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment