යාපනයේ දුම්කොළ කර්මාන්තයත් නවතින ලකුණු

යාපනයේ දුම්කොළ කර්මාන්තයත් නවතින ලකුණු

රජය දුම්කොළ සඳහා පනවා ඇති නීතිරීති දැඩි වීමත් සමගම ඒවා දුම්කොළ වගාවට ද බලපා ඇති බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීහු දුම්කොළ බීජ සපයා ගැනීමේ සිටම එම නීතිරීතිවලට තමන්ට යටත් වීමට සිදුවූ බව කියා සිටියහ.

ඉතා සීග්‍රයෙන් පහත වැටෙන්නට පටන්ගෙන ඇතැයි යාපනයේ දුම්කොළ ගොවීන් පවසන අතර දුම්කොළ මිලට ගන්නා අයෙකු යාපනයෙන් සොයා ගැනීම පවා ප්‍රශ්නයක් වී ඇතැයි කියා සිටිති. පසුගිය වසරේ මෙම කන්නයේදී දුම්කොළයක් 180 කට අලෙවි කරගැනීමට හැකි වුවත් මෙවර තම දුම්කොළයක් තොග වශයෙන් රුපියල් 125 කටවත් අලෙවි කරගැනීමට නොහැකි වී ඇතැයි ගොවීන් පවසති.

දුම්කොළ වගාවට වඩා කපන ලද දුම්කොළ පදම්කොට පැණි යොදා පැණි දුම්කොළ වශයෙන් සකස් කිරීම ඉතා අසීරු ක්‍රියාවක් බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීන් දුම්කොළ වියළීමේදී දුම්කොළ පෝරණුවලට ගිනි ඇවිළීමෙන් ඇතැම් විට දුම්කොළ කිලෝ 2000ක් 3000 ක් විනාශ වන අවස්ථාද ඇති බව ඔවුහු පවසති.

මෙතරම් මහන්සියක් වී සකස් කරනු ලබන දුම්කොළයක් රුපියල් 200 කටවත් අලෙවි කරගැනීමට නොහැකිනම් එම ගොවිතැනෙන් පලක් නොමැති හෙයින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට යාපනයේ දුම්කොළ ගොවීහු කියා සිටිති.

රොමේෂ් මධුෂංඛ - වන්නි

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment