එම නොවිසඳුණු ගැටලු ඇතුළත් කර අද (15) දින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ.
"ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ 3 පන්තියේ විදුහල්තිවරු 3500 කට වැඩි පිරිසකට 2015 වසරේදී ලබා දිය යුතුව තිබූ උසස්වීම් විදුහල්පතිවරු 300 කට පමණක් අද දින ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව 3 පන්තියේ විදුහල්පතිවරු 3200 කට වැඩි පිරිසකට 2015 වසරේ සිට ප‍්‍රමාද වී ඇති උසස්වීම නොලැබේ. මීට හේතු වී ඇත්තේ නව විදුහල්ති සේවා ව්‍යවස්ථාවට අනුව උසස්වීම් කොන්දේසියක් ලෙස පවතින දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සමත් නොවීමයි. 2007 වසරේ සිට රාජ්‍ය සේවයට ඇතුළත් වන නිලධාරීන් දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ලබාගත යුතු වුවත් මෙම විදුහල්පතිවරු 2007 වසරට පෙර රාජ්‍ය සේවයට ඇතුළත් වූ අයයි. ඔවුන් 2009 වසරේදී හා ඉන් පසුව ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට අදාළ පැරණි සේවා ව්‍යවස්ථාවෙන් ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට පත්වීම් ලබාගන්නා ලද නිලධාරීන්ය. 2014.10.22 දිනැති 1885/31 දරණ නව විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව ඔවුන්ට උසස්වීම් ලබාදීම මත භාෂා ප‍්‍රවීණතාවය උසස්වීම් සඳහා සැපිරිය යුතු කොන්දේසියක් වී ඇත. විදුහල්පති සේවයේ 2 පන්තියේ විදුහල්පතිවරු 4000 කට පමණ 1 පන්තියට උසස්වීම් ලැබීම සම්බන්ධයෙන් ද මෙම තත්ත්වය උද්ගත වී ඇත.
සමස්ත රාජ්‍ය සේවයටම දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය ගැටලුවක් වී ඇති පසුබිමක වයස 50 ක් ඉක්ම වූ නිලධාරීන්ට පමණක් විභාග සමත්වීම වෙනුවට පැය 100 ක භාෂා පාඨමාලාවක් මත උසස්වීම් ලබා දීමට 2017.05.30 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 01/2014(iv) මගින් තීරණය කරන ලදී.
එහෙත් දෙවන රාජ්‍ය භාෂා ප‍්‍රවීණතා කොන්දේසි රාජ්‍ය සේවකයාට දඬුවමක් බවට පත්වී ඇති තත්ත්වය තුළ ලංකා ගුරු සංගමය ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් එක්ව ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගණේෂන් ඇමතිවරයා සමග 2017.11.22 දින පැවති සාකච්ඡාවකින් පසු ඇමතිවරයා පොරොන්දු වූයේ රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවයට අදාළව විභාග සමත්වීම වෙනුවට වයස 50 ට අඩු රාජ්‍ය සේවකයන්ට ද, දැනට වයස 50 ට වැඩි රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති පැය 100 භාෂා පාඨමාලාවක් සපුරාලීමේ අවස්ථාව ලබාදීමට හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනමින් පියවර ගන්නා බවයි. එහෙත් අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව මේ දක්වා ඉටු නොකිරීම මත මේ වන විටත් වසර 3 කට ආසන්න කාලයක් ප‍්‍රමාද වී ඇති උසස්වීම් ඉහත විදුහල්පතිවරුන්ට අහිමි වන තත්ත්වයක් උද්ගත වී ඇත.
සමස්ත රාජ්‍ය සේවයේම නිලධාරීන් තම උසස්වීමට අදාළ කාර්යක්ෂමතා කඩඉම් ඇතුළු අනෙකුත් සියලු කොන්දේසි සපුරා තිබියදී භාෂා ප‍්‍රවීණතාවය මත උසස්වීම් අහිමි වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන වහා මනෝ ගනේෂන් අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලට පොරොන්දු වූ පරිදි මෙම ගැටලුව විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී."
0 comments :
Post a Comment