පිරිවෙන් පද්ධතියත් උද්ඝෝෂණය කිරීමට සැරසේ

පිරිවෙන් පද්ධතියත් උද්ඝෝෂණය කිරීමට සැරසේ

සුදුසුකම්වලින් තොර වූවන් වැඩ ආවරණය කිරීමට බඳවා ගැනීම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය අවුල් ජාලයක් බවට පත්ව ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. පරිපාලන ගැටලු, ප්‍රතිපාදන ගැටලු, සාමාන්‍ය ගණන් පිළිබඳ ගැටලු, පෙළ පොත් ගැටලු, කාලසටහන් ගැටලු, වෘත්තීය සමිති මර්දනය කිරීමේ ගැටලු, අත්තනෝමතිකව සේවයෙන් පිටමං කර ඇති ගුරුවරුන්ගේ ගැටලු හා පරිවේණාධිපති සේවය ස්ථාපිත නොකිරීමේ ගැටලු පිරිවෙන් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රමුඛ කාරණා වන බවත් මෙම ගැටලු විසඳා ගැනීමට ගුරු වෘත්තීය සමිතිය වූ ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය හා සමස්ත ලංකා කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමය පසුගිය වසර තුන තිස්සේ වෙන වෙනම ගත් උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් පිරිවෙණ සුරැකීමේ සංවිධානය නමින් නව ඒකාබද්ධ සංවිධානයක් ගොඩනගා ගැනීමට සිදුවූ බවත් එම නිවේදනයේ පෙන්වා දේ.

පිරිවෙන් ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් පිරිවෙණ සුරැකීමේ ඒකාබද්ධ සංවිධානයේ පළමු මාධ්‍ය හමුව අද (14) උදේ 10.00 ට කොළඹ 09 සිරි වජිරඥාන මාවතේ ධර්මදූතාශ්‍රම මහ පිරිවෙණේදි පැවැත්විණි. ඒකාබද්ධ සංවිධානය ගොඩනැගීමෙන් පසුව ජනාධිපතිවරයා හමුවී පිරිවෙන් ගැටලු විසඳා ගැනීමට සාකච්ඡා කරන බවත් සාකච්ඡා අසාර්ථක වුවහොත් සමස්ත පිරිවෙන් පද්ධතිය උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යොමු කිරීමත් දැඩි ක්‍රියා මාර්ගයක් ලෙස පිරිවෙන් තාවකාලිකව වසා දැමීම යන ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට අපේක්ෂාවෙන් සිටින බව පරිවේණාධිපති සංගමයේ සභාපති පූජ්‍ය කෝම්පිටියේ සුසීල නාහිමි සහ ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ සභාපති වකමුල්ලේ උදිත හිමියන් මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියහ.

- දයා නෙත්තසිංහ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment