මෛත්‍රීගේ ජපන් පිංතූරගන්න තිලංග පිටුසැලසුම් ශිල්පියෙක් දෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සහභාගිවීමට නියමිත ජපාන නිල සංචාරය ආවරණ කිරීමට ලක්බිම පුවත්පතට ඡායාරූප ශිල්පියකු නම් කර එවන ලෙස දැන්වූ විට එම පුවත්පතෙන් පිටුසැලැසුම් ශිල්පියකු නම් කිරීමේ පුවතක් වාර්තා වේ.
මෙසේ නම්කර ඇත්තේ මංජුල පෙරේරා නැමැති අයෙකි.
කෙසේවුවද, අදාළ සංචාරයට මුලින් නම්කර සිටියේ ලක්මාල් වසන්ත නැමැති ප්‍රවීන ඡායාරූප ශිල්පියා බවද පැවසේ.
මංජුල නැමැත්තාට ඡායාරූප ශිල්පියකු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් මාධ්‍ය හැඳුනුම්පතක් ද නොවන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප සුමති පුවත්පත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂ සුජීව ගොඩලියද්ද මහතාගෙන් විමසීමක් කළ අතර “මෙහෙමයි ලේඅවුට් එකේ හෙඩ් ඉන්නේ මංජුල. එයත් අපේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්. අපේ ස්පෙෂල් ඉවෙන්ට්ස් කවර් කරන්නෙ මංජුල. රිද්ම කවර එහෙම කරන්නෙ මංජුල. අපේ මේන් ඉවෙන්ට්ස් 4ක් තිබ්බා ඒ හතරටත් රිප්ප්‍රසන්ට් කළේ මංජුල. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා හයක් හිටිය එතකොට ඉවෙන්ට් එක කවර් කරන්නෙ එයාඑතකොට. ඊළඟ එකට අපි ප්‍රොපොස් කරල ඉන්නෙ ලක්මාල් වසන්ත” යනුවෙන් කියා සිටියේය.
ලැබෙන ආරංචි මාර්ග අනුව වාර්තාවන්නේ ජපානයේ සංචාරයට යාමට සූදානම් වන ලෙස දන්වා තිබුණේ ලක්මාල් වසන්ත මහතාට බවයි. කෙසේවුවද අවසන් මෙහොතේ අදාළ තීරණය වෙනස්වී ඇති බවයි.
සුමති පුවත්පත් සමාගම නියෝජ්‍ය කතානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකවන පුවත්පතක් බව පැවසේ.
එහි පරිපාලන අධ්‍යක්ෂ සුජීව මහතා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකි.
(SLM)
0 comments :
Post a Comment