අගමැතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේදී - MR.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය ලබන සතියේදී ගෙන එන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විදේශ පුවත් සේවා නියෝජිතයින් හා පැවැති හමුවකදී හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. මෙම හමුව ඊයේ පවත්වා ඇතැයි වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය යෝජනාව ගෙන එන බවත් ඒ සඳහා එක්සත් ජතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද සහාය ලැබෙනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ සඳහා විපක්ෂය නියෝජනය කරන දමිළ ජාතික සන්ධානයේ සහායක් අපේක්ෂා කළ නොහැකි නමුත් අනෙකුත් විපක්ෂ පක්ෂ ඒ සඳහා සහාය ලබාදෙනු ඇතැයි පවසා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment