විශ්වාසභංග ජයෙන් පසු රනිල් මාධ්‍ය අමතයි ආණ්ඩුවේ වෙනස ගැන කියයි ශ්‍රිලනිප ඇමතිවරු 6 ක් ගෙදර යවන යෝජනාවක්


විශ්වාසභංග ජයෙන් පසු රනිල් මාධ්‍ය අමතයි
ආණ්ඩුවේ වෙනස ගැන කියයි

ශ්‍රිලනිප ඇමතිවරු 6 ක් ගෙදර යවන යෝජනාවක්

විශ්වාසභංග යෝජනාවෙන් පසුව මාධ්‍යය අමතමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා ඇත.

“ජනවාරි අට ජනවරම ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය නව කණ්ඩයමට බාරදීමට තිබෙනවා. අපෙන් කොටසක් ඉවත් වුණා. ඉන්න අයත් සමග ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යනවා. ආණ්ඩුවේ ඉදිරි ගමන
ගැන සාකච්ඡා කිරීමට

ජනාධිපතිවරයා හ හමුවෙනවා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙමින් ආණ්ඩුව රැක ගැනීමට උත්සාහ කළ සියලු දෙනාට ස්තුතිය”


ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හෙට (05දා) හෝ අනිද්දා (06දා) සාකච්ඡාවක් පවත්වන බවත්, ආණ්ඩුවේ පිරිසක් ඉවත් වුවද, ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

මේ අතර රනිල්ට එරෙහිවූ අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.  විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය කිරීම, කැබිනට් තීරණ විවේචනය කිරීම ආදී ආණ්ඩු විරෝධී ක්‍රියා හේතුවෙන් ඔවුන්ව මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment