
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.
විශ්වාසභංගයෙන් පසු පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් 16 දෙනා තවදුරටත් තනතුරුවල රැඳි සිටිනවාද නැද්ද යන්න මෙම රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව ඇත.
එසේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් සමඟ තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත මීට පෙර දැනුම් දී තිබිණි.
ජාතික ආණ්ඩුව තුළ ශ්‍රීලනිපයේ ඉදිරි භූමිකාව පිළිබඳව තීරණය කිරීමට අද පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම තීරණාත්මක වනු ඇත.
RN
0 comments :
Post a Comment