මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

 

ඒ බක් මහේ රෑ හඳ දියවෙන කලට
නුඹේ සිරස පාවී ආවා තොටට
තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට
ඇවිළුණා පැතුම ගිනි දැල්ලක ලෙසට

අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹෙ හඬ අහසේ හැපෙනු
ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු
මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

ලාංකේය දේශපාලන ඉතිහාසයෙහි නොමැකෙණ මතක සටහන් ඉතිරි කරමින් 1971 අප්‍රේල් මස 05 වනදා අයුක්තියට අසාධාරණයට අවනීතියට එරෙහිව වඩා යහපත් හෙට දිනක පැතුම හිත දරා අවිගෙන සටන් වැද උතුම් වූ අරමුණු වෙනුවෙන් දිවිය අත් හළ අව්‍යාජ මිනිසුන් පිළිබඳව නන්දන වීරසිංහ විසින් රචිත "කිරි සුවඳැති රාත්‍රිය" නම් ග්‍රන්ථයේ එන "බක් මහේ කටහඬ" නම් කමි පෙළයි මේ.

මූලාශ්‍රය - mirrorarts.lk

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment