වයස 99 පිරුණු ආචාර්ය ලෙස්ටර්ට රජයෙන් මසකට ලක්ෂ 5ක්



ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රවීණ සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ ප්‍රතිකාර කටයුතු සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5බැගින් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 90 වන ජන්ම දිනය ඊයේට (5)ට යෙදී තිබූ අතර, තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසට උදෑසනම ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එතුමා වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර එහිදී එතුමා වෙත මේ බව දැනුම් දුන්නේය.


දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකීය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටුකළ මෙහෙවර අගයමින් ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදමි
සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් අනුමැතිය ද ලබා ගත්පතේය. යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දිමනාවට අදාළ ලිපි ලේඛින සහ ඊට අඳාළ පළමු චෙක්පතද එහිදි ජනාධිපතිවරයා අතින් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාට පිළිගැන්විණි.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මහතාගේ සුවදුක් විමසමින් සුහද කතා බහක ද නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට නිදුක් නිරෝහි සුවය ප්‍රාර්ථනා කළේය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමග එක්ව කේක් කපා ජන්ම දිනය සැමරීමට ද ජනාධිපතිවරයා එවිය.
නීතිය හා සාමය පිළිබෑද අමාත්‍ය රාංජිත් මද්දුම බණ්ඩාර, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායක යන මහත්වරුන් ද රේනුකා බාලසූරිය මහත්මිය ඇතුළු පිරිසක් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment