කැරම් බෝඩ් වංචාවට සතොස සභාපති අත්අඩංගුවට- මහින්දානන්ද ඊළඟට

සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාව අද දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණා.

පසුගිය රජය සමයේ දී සතොස ආයතනයේ සිදුවූ කැරම් බෝඩ් අලෙවි කිරීමේ ගණුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම කිරීම සඳහායි.
මේ වන විට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අතර අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිද්ධියට අදාළව

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගොණුකළ රීට් පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමටද අභියාචනාධිකරණය අද (06) නියෝග කළා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි මන්ත්‍රීවරයා මෙම පෙත්සම ගොණුකර තිබුණේ.
එම පෙත්සමේ නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් ප්‍රකාශ කළා. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේව මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට දුරකථනයෙන් කතා කොට  තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට කැරම් සහ දාම්බෝඩ් දහහතරදහසක් ආනයනය කිරීමට උපදෙස් ලබාදීම, ඒ අනුව අවස්ථා හතරකදී ඒවා ආනයනය කොට රුපියල් 53,113,975. 17ක් රජයට පාඩු කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment