
එහි සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා සඳහන් කළේ අද (06) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සිය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවට කැඳවීමක් කර ඇති අතර අද පස්වරුව වන විට බොහෝ දුරට විසඳුමකට පැමිණීමට හැකිවනු ඇති බවයි. සිය ඉල්ලීම් සහිත සහිත චක්‍ර ලේඛයට මුදල් අමාත්‍යංශයේ අනුමැතියද හිමිව ඇතැයි දැනගන්නට ඇති බවත් ඒ අනුව චක්‍ර ලේඛය නිකුත් කළහොත් වැඩවර්ජනය අවසන් කිරීමට හැකි බවත් මල්වත්ත මහතා ප්‍රකාශ කරයි.
වැඩවර්ජනය හේතුවෙන් මාසයකට අධික කාලයක් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය වී ඇති අතර විශ්වවිද්‍යාලයන්හි සෙසු වෘත්තීය සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ සිසුන්ගේ සහයද අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හිමිව තිබේ.
මාසික හිලව් දීමනාව නොලැබීම, භාෂා ප‍්‍රවීණතා දීමනාව ගෙවීම පැහැර හැරීම ඇතුළු ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් අනධ්‍යන සේවකයන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.
35%ක් වන මාසික හිලව් දීමනාවෙන් 10%ක් මෙම මස හෝ ලබන මස වැටුප සමඟ ලබාදීමට හා ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට පසුගිය 02 වැනිදා අමාත්‍යවරයා එකඟ වූ නමුත් එම චක්‍රලේඛය මෙතෙක් නිකුත් කර නොමැත.
කෙසේ වෙතත් විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතා පොරොන්දු වූ පරිදි චක්‍රලේඛය නිකුත් කරන තුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment