පාසලේ පැමිණිලි පෙට්ටියට සිසුවියක දැමූ තුණ්ඩුවෙන් කාමුකයෙක් කොටුවේ

https://www.gossiplankanews.com/2018/10/scholl-girl-victim-hettipola.html#more
බාල වයස්කාර සිසුවියකට මාස 10 ක පමණ කාලයක් තිස්සේ වරින් වර සිදුවූ ලිංගික අපයෝජනයක් ගැන ඇය කිසිවෙකුට පවසා නොතිබී පාසලේ පැමිණිලි පෙට්ටියට තුණ්ඩුවක ලියා සටහනක් තැබීමෙන් පසු අපයෝජනය සිදු කළ 52 හැවිරිදි විවාහක පුද්ගලයකු
අත්අඩංගුවට ගත් සිද්ධියක් හෙට්ටිපොළින් වාර්තාවේ.
හෙට්ටිපොළ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි විදුහලක 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවියගේ මව සහ පියා පවුල්
ආරවුලක් මත වෙන්වී වෙන වෙනම ජීවත් වන නිසා ඇය ආචචිගේ සහ සීයාගේ නිවසේ ජීවත් වෙයි.

මෙම සිසුවිය ඉගෙනුම ලබන විදුහලේ සිසුන්ට මුහුණ පෑමට සිදුවී ඇති ඕනෑම කරදරයක් මහත් ගැටලුවක් නිර්නාමික කඩදාසි කැබැල්ලක ලියා එය දැමීම සඳහා පැමිණිලි පෙට්ටියක් තබා ඇති බවත් ගුරු මණ්ඩලය විසින් එය විවෘන කර බැලීමේ දී "ගෙරදට එන අසල්වැසි මාමා කෙනෙක් ඉන්නවා. එයා අපේ මුළු ජීවිත කාලයටම හිරේ යවන්න. එතකොට මට කරදයක් නැතිව ඉන්න පුළුවන්” යැයි ලියා තිබු කඩදාසි කැබැල්ලක් හමුවී ඇත.
ගුරුවරියන් කීප දෙනෙකු මෙම සටහන ලියූ සිසුවිය හදුනාගෙන ගුරු මණ්ඩලය සමග සාකච් ඡාකර මේ පිළිබදව පොලිසියට පැම්ිනිලි කර ඇත. ඒ අනුව සිවිල් ඇදුමින් සැරසුණු කාන්තා පොලිස් නිලධාරිනියක් පාසලට යවා  එම සිසුවිය හමුවී කාරුණික ලෙස විස්තර විමසද්දී සීයාගේ හිතවතකු නිවසට පැමිණෙන බවත් ඔහු තමාව ලිංගික හිරිහැර කරන බවත් සිසුවිය ඇයට පවසා ඇත.
මොහුයෙන් සිදුවන හිරිහැර ඉවසා සිටීමට නොහැකි නිසා මෙවැනි ලිපියක් ලියා පැමිණිලි පෙට්ටියට දැමූ බව ද සිසුවිය පවසා ඇත. මෙම බාල වයස්කාර සිසුවිය හෙළි කළ නොරතුරු මක පරික්ෂණ පවත්වා හෙට්ටිපොළ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු මාස 10 ක පමණ කාලයක සිට වරින් වර නිවසට පැමිණ කිසිවකු නොමැති අවස්ථාවල දී සිසුවිය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව  තොරතුරු අනාවරණය වී ඇත.
ලිංගික අපයෝජනයට ලක්වූයේ යැයි පැවසෙන සිසුවිය වෛද්‍ය පරික්ෂණයකට ලක්කිරීමට රෝහල්ගත කර තිබේ.වැඩිදුර පරීක්ෂණ සිදුවේි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment