විග්නේශ්වරන්ට යළි අවස්ථාවක් නොදෙන බව ටී.එන්.ඒ. කියයි

විග්නේශ්වරන්ට යළි අවස්ථාවක් නොදෙන බව ටී.එන්.ඒ. කියයි

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (08) යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් වර්තමාන මහ ඇමති වන සී.වී. විග්නේශ්වරන් යළිත් පත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද පසුගිය වතාවෙදීත් එතුමන්ට මහ ඇමති ධුරය ලබා දෙද්දී එතුමන් සඳහන් කළේ වසර දෙකකට පමණයි මා මේ ධුරය දරන්නෙ කියලා. එවැනි පසුබිමක් තුළ යළි ඔහුට එම තනතුර දීම සුදුසුයි කියල අපි හිතන්නේ නැහැ."

මෙහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

අගමැති සමග කිසිඳු ගිවිසුමක් නැහැ

"අපි දෙමළ ජාතික සන්ධානය හැටියට විශ්වාශභංගයට එරෙහිව ඡන්දය දෙන්න කලින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡා පිළිබඳව මාධ්‍ය මඟින් අනාවරණය වුණා. එමඟින් වැඩි වශයෙන් දක්වා තිබුණේ අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමට දෙමළ ජාතික සන්ධානය ඔහු සමග ගිවිසුමකට එළඹ ඇති බවයි. ඒ පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යත් දිගින් දිගටම අපෙන් ප්‍රශ්න කළා. අපි එවැනි කිසිම ගිවිසුමකට එළඹුනේ නැහැ. නමුත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට දෙමළ ජනතාවට පවතින ගැටලු 10 ක් සම්බන්ධයෙන් අපි කරුණු සාකච්ඡා කළා. ඒක රහස් සාකච්ඡාවකුත් නෙමෙයි කිසිම ගිවිසුමකුත් නෙමෙයි."

රොමේෂ් මධුෂංඛ - වන්නි

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment