SLFP 16 මහා අර්බුධයක් වන ලකුණු.


විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු අමාත්‍යවරුන් 16 දෙනා තනතුරුවලින් ඉවත් වුවහොත් විශ්වාසභංග යෝජනාව ඉවත් කරගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.

එසේ නොමැතිව විශ්වාසභංග යෝජනාව ඉවත් කර නොගන්නා බවත්, 16 දෙනාටම එක් විශ්වාසභංග යෝජනාවක් ලෙස මෙය ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවත් ඔහු පවසා සිටියේය.

පක්ෂයෙන් නොයන බවට පොරොන්දුවක්

විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  16 දෙනා පක්ෂයෙන් ඉවත් නොවන බවත් මොන තත්වයක් යටතේ වුවද පක්ෂය සමග බැදී සිටින බවත් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අද(08) සවස වීරකැටියේ පැවති උත්සවයකදී  පැවසීය.

ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම බව ද ඇමැතිවරයා කීවේය.

‘විශ්වාස භංගයේදි පවා අපි කටයුතු කළේ පක්ෂය ශක්තිමත් කරන තීන්දුවකට අනුවයි. අපේ 16 දෙනාට විරුද්ධව එ.ජා.ප. කටයුතු කරනවා නම් අපි ඊට ඉඩ දෙන්නේ නෑ. අපි අපේ පක්ෂයේ අය වෙනුවෙන් පෙනී සිටිනවා. 

හෙට(09) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී පවා බෙදී නොයන එකමුතුව වැඩ කරන්නට හැකි තීන්දු තීරන හැරෙන්නට වෙන කිසිදු තීරණයක් ගන්නේ නැහැ. විශ්වාස භංගයේදී එය ගෙනා පාර්ශවය ආණ්ඩුවට විරුද්ධව එය ගෙන ආපු දෙයක් බවට පරිවර්තනය වුණා. ආණ්ඩුව අපහසු තාවයට පත් වෙන තීන්දු වලට අපේ පක්ෂය යන්නේ නෑ.‘ යැයි ද ඇමැතිවරයා කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment