
බොක්සිං කාන්තා ඉසව්වෙන් 45-48kg බර පන්තියෙන් අනුෂා කොඩිතුවක්කු තරඟයට ඉදිරිපත් විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව බොක්සිං ක්‍රීඩා ඉසව්වකින් ලබා ගන්නා පළමු පදක්කම මෙය වන අතර එම අවස්ථාව හිමිව ඇත්තේ වසර 80 කට පසුව වීම විශේෂත්වයක්.
අවසන් පූර්ව වටය එළඹෙන 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර එහිදී අනුෂාගේ ප්‍රතිවාදීයා වන්නේ ඉන්දියාවේ ප්‍රබල බොක්සිං ක්‍රීඩිකාවක වන මේරි කොම්ය.
2016 සාග් ක්‍රීඩා උළෙලේදී ඉන්දියාවේ මේරි කොම් හමුවේ අනුෂා කොඩිතුවක්කු පරාජය් වූයේ ඇයව රෝද පුටුව යවමිනි. එදා මේරි කොම් ක්‍රීඩා නීති උල්ලංඝනය කරමින් ජයග්‍රහණය ලබා ගෙන තිබුණද නැවතත් ඇයට අනුෂා බොක්සිං වළල්ලේදී හමුවීමට නියමිතය. බොහෝ ඇදවැටීම් බාධක මැද සිය අභියෝගය ජයගත් අනුෂා වෙත www.lankanewsweb.net අපගේ සුභ පැතුම්.
ආශිකා බ්‍රාහ්මණ



0 comments :
Post a Comment