2015 ජනවරමට අනුව ඇතැමුන් වචනයෙන් අල්ලස දූෂණය පිටුදකින විට ජනාධිපතිවරයා එය ක්‍රියාවෙන්ම පෙන්නුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මෙරට දේශපාලන ඉතිහාසය තුළ ඉහළ නිලධාරීන්, දේශපාලඥයින් නොයෙක් චෝදනාවලට ලක්වෙන විට රාජ්‍ය නායකයන් ඒවා යට ගැසීමට උත්සහ කළ බව කියා සිටි අමාත්‍යවරයා අවධාරණය කළේ වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය තුළින් යහපත් ආදර්ශයක් ලබා දී ඇති බවයි.
මේ තුළින් රට තුළ අල්ලසට, දූෂණයට එරෙහි විශාල සටනක් ක්‍රියාත්මක බව ජාත්‍යන්තර ප්‍රජාවට පවා අවබෝධ වන බව ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කළේය. රටේ දේශපාලන ඉතිහාසය දෙස බැලුවහොත් ජනාධිපතිවරයාගේ විධායක නිලධාරියෙක් කිසියම් හෝ හේතුවකට අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න සොයා බැලිය යුතු බවත් මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා දේශපාලන ආදර්ශයක් ලබා දී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment