යාපනයේ රතු ළූණු ගොවියා කබලෙන් ළිපට - හෙක්ටයාර් 2000ක් විනාශයි

යාපනයේ රතු ළූණු ගොවියා කබලෙන් ළිපට - හෙක්ටයාර් 2000ක් විනාශයි
 
යාපනයේ ඉලවාලී, උරුම්පිරායි, මාදගල් යන පළාත්වල රතු ළූණු වගාවට තදබල ලෙස හානි සිදුව ඇති අතර එම පළාත්වල ගොවීන් රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකුවලින් ලබාගෙන ඇති ණය මුදල් සම්බන්ධයෙන් යම් සහනයක් සලසා දෙන මෙන්ද ගොවි සංවිධාන දිසාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
 
යාපනයේ ගොවීන් විශාල ප්‍රමාණයක් මෙවර රතු ළූණු වගා කොට ඇත්තේ අර්තාපල් වගා කිරීමට ඉල්ලා සිටි බීජ අර්තාපල් ඔවුන්ට නියමිත පරිදි නොලැබීමෙන් පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ සඳහා ලබා දුන් විකල්ප බෝගය රතු ළූණු වීම නිසා බවද වාර්තා වේ. අර්තාපල් වගා කළ ගොවීන්ට ඉතා හොඳ අස්වැන්නක් ලැබුණු අතර යාපනයේ අර්තාපල් අස්වැන්න නෙළන ලද කාලයේදී රජය ආනයනික අර්තාපල් සඳහා බදු මුදල් වැඩි කිරීම නිසා යාපනයේ ගොවීන්ට හොඳ මිලකට අර්තාපල් අලෙවි කරගැනීමට හැකි විය.
 
නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත යාපනයේ රතු ළූණු වගා කළ ගොවීන්ගේ වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසා ඔවුන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර ඔවුන්ගේ ගැටලුවට අවධානය යොමු කරන ලෙසද තමන්ට කිසියම් සාධාරණයක් ලබා දෙන ලෙසට ද ගොවීහු ඉල්ලා සිටිති.
 
rathu lunu 1
 
rathu lunu 2
 
rathu lunu 3
 
rathu lunu 4
 
rathu lunu 5
 
rathu lunu 6
 
rathu lunu 7
 
rathu lunu 8
 
රොමේෂ් මධුෂංඛ - වන්නි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment