එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්, උප නායක රවී කරුණානායක සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අසනීප හේතුවෙන් මැයි රැළියට සහභාගී වී නොමැත.
මැයි රැළිය වර්ජනය කර ඇත්තේ රංජිත් අලුවිහාරේ, දයා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, රංජන් රාමනායක, මයන්ත දිසානායක සහ අශෝක අබේසිංහ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ පරිදි එජාප නායකත්වයේ සිට පහළට සියලු තනතුරු සඳහා ඡන්දයකින් පුද්ගලයින් තෝරාපත් කර ගනිමින් පූර්ණ පක්ෂ ප්‍රතිසංවිධානයක් සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මොවුන් මෙසේ මැයි රැළිය වර්ජනය කර තිබේ.
තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මැයි රැළිය මඟ හැර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය අකිල විරාජ් කාරියවසම්ට ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇති කරගෙන සිටින අමනාපය හේතුවෙනි.
පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මැයි රැළිය මඟ හැර ඇත්තේ ඔහුට පක්ෂ සභාපතිකම අහිමිවීම සහ පක්ෂ අභ්‍යන්තරයෙන් ඔහුට එල්ලවන චෝදනා නිසාය. තමන්ට සභාපති ධුරය අහිමිවන ආකාරයෙන් ප්‍රතිසංවිධාන යෝජනා ඉදිරිපත් කිරීම සමබන්ධයෙන් ඔහු රුවන් විජේවර්ධන කමිටුවේ කිහිපදෙනෙකුට දුරකථනයෙන් අමතා කනස්සල්ල පළ කර ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත් ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි රැළියට දස දහසකට අධික පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
0 comments :
Post a Comment