60ටේ 'අවසන් ඉණිම' ටෙලිය 170ට රූපවාහිනිය අරන්.


කොටසක් රුපියල් හැටදහසකට ලබා ගත හැකි ටෙලි නාට්‍යක්, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව විසින් කොටසක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. 

ඔවුන් මෙසේ ලබාගෙන ඇත්තේ ලබන ජූනි 08 වැනිදා සිට විකාශය ඇරඹීමට නියමිත “අවසන් ඉණිම“ නමැති ටෙලි නාට්‍යයයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රබල නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම මිලදීගැනීම සිදුකර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ ටෙලි නාට්‍යයේ මුල් කොටස් රූගත කරමින් තිබියදී එහි ප්‍රධාන නළුවා වූ දසුන් නිශාන් ගෙල වැළලාගෙන මියයාම හේතුවෙන් එහි  තිරපිටපතද වෙනස් කිරීමට සිදුවූ අතර, මේ හේතුවෙන් එම ටෙලිනාට්‍යයට ලබාදී ඇත්තේ නැවත නිෂ්පාපාදනය කිරීමෙන් පසුවය. මේ කාරණා හේතුවෙන් එහි දෝෂ ඇති බවද පැවසේ. 

මේ සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙබ් අඩවිය කළ විමසීමකදී සියත TV නාලිකා ප්‍රධානී කැළුම් පාලිත මහීරත්න මහතා,  පවසා ඇත්තේ “අවසන් ඉණිම“ ටෙලි නාට්‍යයේ කොටසක් සඳහා රු. 50,000ක් වත් තමාට ලබාදෙන ලෙස එහි නිෂ්පාදිකාව තමාගෙන් ඉල්ලා සිටි බවයි. කෙසේවෙතත්, ටෙලි නාට්‍ය බාල්දු කිරීමට අකමැති බැවින් තමා එහි කොටසක් රු. 60,000කට ගැනීමට එකඟ වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment