තනි අතින් පැදවූ බට්ටා අඩි 80 ප්‍රපාතයේ - රියදුරුට අසාධ්‍යයි


බිබිල - බදුල්ල මාර්ගයේ අරවාකුඹුර ප්‍රදේශයේ දී අතක් අහිමි ආබාධිත අයකු පැදවූ බව කියන කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එම ආබාධිත පුද්ගලයා බරපතළ තුවාල ලබා බිබිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි. අනතුරන් තුවාල
ලබා ඇත්තේ බිබිල කහගොල්ලවත්ත ලිපිනයේ පදිංචි පස්දරු පියෙකි.
මොහුගේ වම් අත අහිමි වී ඇත්තේ මීට වසර ගණනාවකට ප්‍රථම බසයේ පාපුවරුවේ ගමන් ගනිද්දී පටු පාලමක ගැටීමෙන් බව අනාවරණය වී තිබේ.
ඒ ආබාධිත තත්වය මත ඔහුට රියදුරු ලෙස වාහනයක් පැදවීම මෝටර්

රථ ආඥා පනත අනුව නීති විරෝධී වුවත් ඔහු තමන්ගේ ආබාධිත බව සඟවා තනි අතින් වාහන පැදවීම සිදු කර තිබේ.
මොහු බිබිල සති පොළේ එළවළු විකුණන පුද්ගලයකු බවත් සිද්ධිය වූ දින පොල් තොගයක් පටවාගෙන වෙළඳාම් කිරීමට ලුණුගල සතිපොළට යමින් සිටිය දී ඉදිරියෙන් පැමිණි ලොරී රථයකට ඉඩ දීමට යාමේ දී මෙම අනතුර සිදුවී තිබෙන බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. අනතුරෙන් ලොරි රථය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර රියදුරු ලෙස කටයුතු කළ මෙම ආබාධිත පුද්ගලයා බරපතළ තුවාල ලබා බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
ඔහුගේ තත්වය තරමක් බරපතළ බව බිබිල රෝහලේ ප්‍රකාශකයෙක් පෑවසීය.
මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් හා නියෝග මත බිබිල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීකෂක ඒ.බී. වේදගෙදර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment