ටී.බී. ඒකනායක මහතාට වඩා බරපතල වංචා සිදුකළ පුද්ගලයන්, මහජන දේපල හොරා කෑ පුද්ගලයන් වත්මන් ආණ්ඩුවේ මෙන්ම පැවති ආණ්ඩුවේද ඕනෑ තරම් සිටියදී රජයේ වාහනයක් පස්සේ යාම ගැටලුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. විශාල වංචා-දූෂණ පිළිබඳව සිදුකරන පරීක්ෂණවල යම් ප්‍රමාදයක් සිදුව තිබෙන බවත් එවැනි තත්වයක් තුළ වාහනයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කිරීම ජනතාවට ද ප්‍රශ්නයක් වී ඇති බවයි ඔහු පවසන්නේ.
ආණ්ඩුවේ සිටියද විපක්ෂයේ සිටියද හොරුන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ සමාන අයුරින් සිදු වියයුතු බව ද ඇමතිවරයා පවසයි.
තම දේශපාලන ජීවිතයේ වැඩිම සේවයක් කිරීමට හැකිවූයේ පසුගිය වසර දෙකක කාලය තුළ බව සඳහන් කළ ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුව සිදුකරන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව ප්‍රමාණවත් අයුරින් දැනුවත්ව නොමැති බවයි. ඒ නිසා ගමින් ගමට ගොස් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට තීරණය කළ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
0 comments :
Post a Comment