වෛරස් උණ රෝගය නිසා දකුණේ සියලු පෙරපාසල් වැසේ

දකුණු පළාතේ පැතීරි යන වෛරස් උණ රෝගය පිළිබදව තවදුරටත් සොයා බැලීම සදහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දකුණු පළාතට යොමු කර තිබේ.
 ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්  විශේෂ
වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දින වල ද

එම ප්‍රදේශවල සංචාරය කරමින් මෙම රෝගී තත්ත්වය පිළිබදව පරික්ෂණ පවත්වන ලදි අද (21) දිනයේ ද තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය සහ රෝගීන් නිරීක්ෂණය කිරිම සදහා එම ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිති.
වෛරස් උණ රෝගය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළීබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් අද (21) පැවැත්විනි. එහිදී දකුණු පළාතේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ වර්ග සහ උපකරණ කඩිනමින් යොමු කිරීමටත්, තීරණය විය.
මේ අතර දකුණු පළාතේ සියලු පෙර පාසල් 22 සිට 27 දක්වා වසා දමන බවව පළාත් අධ්‍යාපන කාර්යාලය දැනුම් දී ඇත.
මෙම රෝගී තත්වය නිසා දැනට 13 දෙනෙකු මියගොස් තිබෙන අතර වැඩි දෙනා දරුවන්ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment