යුධ බිමේදී සමුගත්තෝ වෙනුවෙන් උතුරේදී පහන් දැල්වෙයි

යුධ බිමේදී සමුගත්තෝ වෙනුවෙන් උතුරේදී පහන් දැල්වෙයි

මීට වසර 09 කට පෙර පැවති යුද්ධයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාරකය අසල දී මෙම සැමරුම් උත්සවය පැවැත්වුණි. එහිදී උතුරු ප්‍රධාන අමාත්‍යවරයා සහ අවසන් යුද්ධයේදී සිය මව, පියා සහ සහෝදරයන් තිදෙනෙකු අහිමි වූ දැරියක් විසින් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකයේ ප්‍රධාන පහන දැල්වීමට පියවර ගෙන තිබුණි.

jaffna 1

jaffna 11

දේශපාලන අධිකාරිය සැමරුමෙන් ඉවතට

පසුගිය වසරේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනද මෙවර කිසිදු දේශපාලන නායකයෙකු ප්‍රධාන නොකළ අතර උතුරු ප්‍රධාන අමාත්‍යවරයාගේ සහභාගීත්වය සිදු වූයේ දේශපාලන නායකයෙකු වශයෙන් නොව උතුරු පළාත් සභාවේ සංවිධානත්වයෙන් සිදු වූ බැවිනි. ඒ හැරෙන්නට වෙනත් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකුට මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් ප්‍රධානත්වය දරන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

මේ අතර යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ පූර්ණ සහයෝගය ලැබීම හේතුවෙන් මුල්ලි වයික්කාල් සැමරුම දේශපාලනීකරණය වීමට විශ්වවිද්‍යාල සිසුන් විරෝධය පෑමත් සමග ඇති විය හැකි විරෝධතාවන් හේතුවෙන් දේශපාලන අධිකාරිය මෙම සැමරුමෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට මුල්ලි වයික්කාල් වැසියෝ කියා සිටියහ.

jaffna 2

jaffna 9

මෙහිදී උත්සව අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා අවසන් යුද්ධයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා මල් පූජා කොට, පහන් දල්වා මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම සිදු කරන ලදි.

මුලතිව්හි සියලු කඩ සාප්පු වසා දැමේ

එසේම 09 වන යුද සැමරුමට සහය පතා මුලතිව් පිහිටි සියලුම වෙළඳසැල් අද උදෑසන සිට දිනය පුරා වසා දැමීමට මුලතිව් වෙළඳ සංගම් විසින් පියවර ගෙන තිබේ. වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට සමගාමීව සෑම වසරක මෙලෙස වෙළඳසැල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට ද මුලතිව් වෙළඳ සංගම් කියා සිටියහ.

jaffna 3

jaffna 15

යාපනයේ සිට මුලතිව් දක්වා විශේෂ රථයකින් පහන් දැල්වීමට අවස්ථාව

jaffna 4

jaffna 5

jaffna 6

මේ අතර මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට සමගාමීව යාපනය වැල්වැටිතුරෙයි සිට වව්නියාව හරහා මුලතිව් දක්වා විශේෂ රථයක් ගමන් කිරීමට පියවර ගෙන තිබුණි. මෙම රථයේ විශේෂ පහනක් ස්ථාපිත කොට මුල්ලිවයික්කාල් යුද සැමරුමට සහභාගී වීමට නොහැකි ජනතාවට රථයට පිවිස අදාළ පහන දල්වා යුද්දෙන් මිය ගිය ඥාති සොහොයුරන් සිහිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

රොමේෂ් මධුෂංඛ - මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් සිට

jaffna 7

jaffna 8

jaffna 10

jaffna 13

jaffna 14

jaffna 17

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment