ගංවතුර ගැන නොදත් පුත්තලමේ මන්ත්‍රී කවුද ?

ගංවතුර ගැන නොදත් පුත්තලමේ මන්ත්‍රී කවුද ?
සතියක් තුළ දෙවතාවක් ගංවතුරෙන් පීඩාවට පත්වූ ලක්ෂයකට ආසන්න පුත්තලමේ ජනතාවගේ තොරතුරු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පුත්තලමේ මහවැව හා නාත්තන්ඩිය ප්‍රදේශවල සංචාරයක නිරත වූ අවස්ථාවේ මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (26) පස්වරුවේ  පැවති හමුවකදී මේ බව පැවසීය. 
 
මේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබිණි. ගංවතුරෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේදී තිබෙන ප්‍රධාන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේය.
 
මෙහිදී පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඒ.එම්. අලහකෝන් මහතා ප්‍රකාශ කලේ ගංවතුරෙන් හානියට පත් කර්මාන්තකරුවන්ට වන්දි ලබා දීමේදී චක්‍රලේඛන හරස් වී ඇති අතර එහිදී වාර්ෂික පිරිවැටුම රුපියල් ලක්ෂ දහයට වැඩි  කර්මාන්තකරුවන්ට වන්දි ලබාදීම ගැටලුවක් වී ඇති බවය.
 
චක්‍රලේඛනවලට සීමා නොවී ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය නිලධාරීනට උපදෙස් ලබා දුන්නේය.
 
මේ අතර නාත්තන්ඩි මැදගොඩ ප්‍රදේශයේ කැඩීගිය පාළමක් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා කැඩී බිඳී ඇති පාලම් පිළිසකර කිරීම සඳහා වහා  කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නාත්තන්ඩිය වලහපිටිය ශ්‍රී පුෂ්පරාමයේ පිහිටුවා ඇති සුරක්ෂිත කඳවුර වෙත ගිය ජනාධිපතිවරයා දින හයක පමණ කාලයක් තිස්සේ කඳවුරේ වාසය කරන ජනතාවගේ සැපදුක් විමසා සිටියේය. ජනතාව සමග අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව සෑම සුරක්ෂිත කඳවුරකටම සෞඛ්‍ය සේවා සැපයිය යුතු බවට ජනාධිපතිවරයා නිලධාරීනට නියෝග කළේය.
 
මේ අවස්ථාවට වයඹ පළාත් අමාත්‍යවරුන් වන සුමල් තිසේරා, පියසිරි රාමනායක, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, අශෝක ප්‍රියන්ත ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් සහභාගී වී සිටියහ.
 
ප්‍රසාද් ජයමාන්න - හලාවත
 
maithri puttalam 1
maithri puttalam 2
maithri puttalam 3
maithri puttalam 4
maithri puttalam 5
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment