ජනතාව පත්කරපු ක්‍රීඩා සංගම් තහනම් කරන්න මම සුදානම් නෑ

ජනතාව පත්කරපු ක්‍රීඩා සංගම් තහනම් කරන්න මම සුදානම් නෑ
ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යටතට පත්කිරීමට ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා  තීරණය කර තිබුණි. 
 
දුනු විදීමේ සංගමයේ ඉහළ නිලධාරීන්ගේ පත්වීම් හා ක්‍රියා කලාපයන්ට එරෙහිව පසුගිය කාලය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් පිරිසක් චෝදනා එල්ල කර තිබූ අතර ඒ සම්බන්ධයෙන්  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනයකදී අක්‍රමිකතා පිළිබඳ හෙළි වී ඇති බව සඳහන්.  
 
ඒ අනුව පවතින තත්ත්වය අනුව සංගමය සඳහා නව නිලවරණයක් පැවැත්වීමට අදාළව   ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ගැසට් මගින් නියෝගයක්ද නිකුත් කර  නිලවරණයක් පැවැත්වීම සඳහා ස්වාධීන නිලවරණ කමිටුවක් පත්කරන ලෙසටද අමාත්‍යවරයා නියෝග කර තිබේ. 
 
නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment