පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙය එජාප නායකයාට එරෙහිව ගෙන ඇති තීරණයක් නොව එජාප නායකයාගේ ඉල්ලීමකට එකඟතාවය පළකිරීමක් බව වාර්තා වේ.
2020 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන එජාප ජ්‍යෙෂ්ඨයන් ආසන සංවිධායකධූරවලින් ඉවත් කර ඒ සඳහා නවක, තරුණ අපේක්ෂකයන් පත් කිරීමට එජාප නායකයා තීරණය කර ඇති අතර ඒ සඳහා එජාප ජ්‍යෙෂ්ඨයන් 11 දෙනෙකු කැමැත්ත පළකර තිබේ. මේ අතර කැබිනට් ඇමතිරුන් පිරිසක් ද සිටින බවයි වාර්තා වන්නේ.
ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ආසන සංවිධායක ධූර ලබාදීමෙන් පසු ඔවුන්ට ස්ථාවර ඡන්ද පදනමක් සකස් කරගත හැකි හෙයින් ඒ සඳහා අවස්ථාව දීම එජාප නායකයාගේ බලාපොරොත්තුවයි. ඒ අනුව මේ වනවිට ආසන සංවිධායක ධූර අහිමි එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අදාළ ආසන සඳහා පත්කරනු ඇත.
0 comments :
Post a Comment