ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රචණ්ඩත්වය ගැන ඇමරිකාවෙන් වාර්තාවක්!

ශ්‍රී ලංකාවේ ආගමික ප්‍රචණ්ඩත්වය ගැන ඇමරිකාවෙන් වාර්තාවක්!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගමික නිදහස සුරක්ෂිත කර තිබෙන පරිසරයක් තුළ වුවද සුළුතර ආගමික ප්‍රජාවන්ට මුහුණ දීමට සිදුවූ හිරිහැර පිළිබඳ එම වාර්තාව සංඛ්‍යාත්මකව කරුණු ඉදිරිපත් කර ඇත.

SRI LANKA 2017 INTERNATIONAL RELIGIOUS FREEDOM REPORT යන එම වාර්තාව රාජ්‍ය ලේකම් මයික් පොම්පේ සහ අන්තර්ජාතික ආගමික නිදහස පිළිබඳ තානාපති සෑම් බ්‍රවුන් බෑන්ක් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී එළිදක්වා තිබේ.

එම වාර්තාවට අනුව විශේෂයෙන් මුස්ලිම් හා ක්‍රිස්තියානුවන් සම්බන්ධයෙන් හිරිහැර සිදුව ඇති බව ශ්‍රී ලංකා පොලිස් වාර්තා ද සනාථ කර තිබේ. බෞද්ධාගම ප්‍රමුඛ ස්ථානයෙහිලා සලකා තිබියදී සහ ආගමික නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබියදී සුළුතර ආගමික ප්‍රජාවට රට තුළ හිරිහැර සිදුවන බව එම වාර්තාව අවධාරණය කරයි.

ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාව විසින් පල්ලිවලට හා ඔවුන්ගේ සභාවලට බිය ගැන්වීම් හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 97ක් වාර්තා කර ඇති අතර ඔවුන්ගේ ආගමික වතාවත්වලට බාධා කිරීමේ සිද්ධි 97ක් වාර්තා කර ඇති බව SRI LANKA 2017 INTERNATIONAL RELIGIOUS FREEDOM REPORT පවසයි.

මේ අතර රාමසාන් සමයේදී මුස්ලිම් දේවස්ථානවලට ප්‍රචණ්ඩත්වය මුදාහැරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විසින් දන්වා ඇති බවද එහි සඳහන් වෙයි. විශේෂයෙන් රටේ විවිධ ප්‍රදේශවල ඉස්ලාම් ප්‍රජාව ඉලක්ක කරගෙන බෞද්ධ අන්තවාදීන් විසින් ගෙන ගොස් ඇති ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මෙම වාර්තාව විස්තරාත්මකව කරුණු දක්වා තිබේ. බොදු බල සේනා වැනි "බෞද්ධ" සංවිධාන සමාජ මාධ්‍ය හරහා සුළුතර ජන කොටස් පීඩාවට පත් කිරීම අඛණ්ඩව සිදුකරමින් තිබෙන බවද SRI LANKA 2017 INTERNATIONAL RELIGIOUS FREEDOM REPORT කියා සිටියි.

2011 සිට 2017 වසර දක්වා කාලය තුළ මෙරට සුළුතර ආගමික ප්‍රජාවන්ට සිදුවූ හිරිහැර කිරීම්, පහර දීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මෙම වාර්තාව සවිස්තරව කරුණු දක්වා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි
https://ift.tt/2L7o7c2

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment