එජාප මැයි දින සැමරුම හෙට (06) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
අදාල ඇමතිවරුන් පිරිස ලෙඩ නිවාඩු දමා මැයි රැළිය වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මැයි රැළියට සහභාගි නොවන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ.
අදාල මාධ්‍ය හමුවේදී අළුවිහාරේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ වත්මන් නායකත්වය යටතේ පක්ෂයට කිසිදු අනාගතයක් නොමැති බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ජයගැනීමට නම් නව නායකයෙකු යටතේ පක්ෂය පූර්ණ වෙනසකට භාජනය වියයුතු බවත් එසේ නොමැති වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පක්ෂය නැත්තටම නැති වී යනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ හෙට මැයි රැළියෙන් එජාපය විජයග්‍රහණය කරා ගෙනයෑමේ පුනුරුද වැඩපිළිවෙල ආරම්භ කරන බවයි. පක්ෂයේ සියලු නායකයන්, මහජන නියෝජිතයන් මැයි දින සමරුවට සහභාගි වන බව ද ඔහු පවසයි.
0 comments :
Post a Comment