නීතිඥ සංගමය මාෆියාවක්!

නීතිඥ සංගමය මාෆියාවක්!

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපරාධකරුවන් ආරක්ෂා කරන ආයතනයක් බවට පත්ව ඇති බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අවධාරණය කළේය. එහෙයින් එය මාෆියාවක් බවයි නාගානන්ද මහතා සඳහන් කළේ. අධිකරණ සංවිධාන පනතට සංශෝධන ගෙන ඒමට සිදුවූයේද තවදුරටත් තක්කඩින් ආරක්ෂා කරන නිසා යැයි හෙතෙම කියා සිටියේය.

නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා තමන් නීතියෙන් බැඳී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරන බව නීතිඥ නාගානන්ද මහතා ප්‍රකාශ කළේය. හොරුන්ට, දුෂිතයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස රටක් කියා සිටිද්දී නීතිඥ සංගමයේ සභාපති අභියෝග කරන්නේ අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් නඩු කල්දැමීමට ඇති අවස්ථාව අහිමි වන බව යැයි පැවසූ නාගානන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන පක්ෂ සමඟ නීතිඥයින්ට කටයුතු කළ නොහැකි බවයි.

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මේ බව කියා සිටියේ පසුගියදා නීතිඥ සුගන්ධිකා ෆර්නැන්ඩු විසින් නීතිඥයින් හා විනිසුරුවරුන්ගේ දූෂිතභාවය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට පිළිතුරු දීමට ඊයේ (04) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති විවෘත සංවාදයේදීය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment