ඔය අතර සෙල්ලකතරගම පැත්තේ අරුම පුදුම තැනකටත් ගොඩවෙන්න අවස්ථාවක් ලැබුණා. ඒතමයි සෙල්ල කතරගම ලක්ෂ්මි තිරුපති දේවාලය. මේක අරුම පුදුම තැනක් වෙන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි, ලංකාවේ මිනිස්සු කොයි තරම්ම අමුම අමු ගොබ්බ මෝඩ හැතිකරයක්ද කියල දෑසින් දැකගන්න අවස්ථාවක් ලැබෙන්නේ මේ තැනදි නිසා.
මේ තැනට ඇතුල් වෙනාකොටම ගහල තියෙනව බෝඩ් එකක් “පළමුව බුදුන් දෙවනුව දෙවියන්“ කියල. හැබැයි මේකට ඇතුල්වෙච්ච තැන ඉඳන් තියෙන දේවල් දිහා බැලුවහම තේරෙන දේ තමයි “පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මුදල්“ කියන එක. මේක ඇත්තටම පුදුම තරමේ ගරාන මඩුවක්. ඇත්තටම ගරාන මඩුවක් කිවුවොත් වැරදියි. ගරාන මන්දිරයක්.
එක තැනක තියෙනව අලුත බැදපු ජෝඩු අන්දන තැනකත්. මේකෙ විශ්ණුගේ පිළිමයක් හදල ඒක ඉස්සරහින් තොටිල්ලක් එල්ලල. ඒක ඇතුලෙ නිල් පාට රෙදිවලින් ඔතපු බෝනික්කෙක් ඉන්නව. මේ බෝනික්කට දාල තියෙන නම තමයි “ක්‍රිශ්ණ බබා“. මේ තොටිල්ල පද්දල දරු සම්පත් ප්‍රාර්ථනා කරන්න තමයි තියෙන්නේ. මාර ලේසියි අප්පා, තොටිල්ල පැද්දව නං ඇති. ආයෙ ගෙදර ගිහින් පද්දන්න දෙයක් නෑ. වැඩේ ගොඩින්, ගෑනි බඩින්.
ඔය අතර තමයි කපුවන්ගෙ හෑල්ල ඇහෙන්නේ. මේ පද්දන ජෝඩුවලට කපුව දෙනව අම්බානෙක උපදෙස්. ඇත්තටම මේ උපදෙස් දිහා අහගෙන ඉන්න කොට හිතෙන්නේ කපුව කලින් VOG කෙනෙක් වත්ද කියල. ඒ තරම් දේවල් කපුව දන්නව. ඒ විතරක් නෙමෙයි, මේ තොටිල්ල පද්දල ගෑණි බඩ වුණාට පස්සෙ හය මාසයක් යද්දි ඇවිත් රත්තරන් මාලයක් පූජා කරන්න ඕනේ. නැත්තං ඉතින් වැඩේ හබක්. මේක කියන්නෙ මම නෙමෙයි, අර කපුව. ඒ විතරක් නම් මදැයි බඩ හෑල්ලු වුණාමත් පුද පූජා අරන් ඇවිත් පුදන්න ඕනෙ. ඕං ඉතින් කවුරු හරි කිවුවොත් මොන බොරුද කියල දෙයියො දුන්න දරුවො වඩාගෙන අම්මල, තාත්තල (ඇත්තටම මේකෙ තාත්ත ඉන්න එක බොරු වැඩක් අප්පා) ඉන්න ෆොටෝ දේවාලෙ පුරාම ගහල තියෙනවා.
ඔය අවුඅස්සේ ඔය කියන දේවාලෙ පැත්තකට වෙන්න තියෙනව කිරි අම්මලට පූජා පවත්වන්න තැනක්. මම ඉතින් කඩිමුඩියෙ බලන්න ගියා. ඇයි අප්ප කිරිඅම්මල නොවැ. මෙන්න බොලේ කිරි අම්මල හත් දෙනයි. හැබැයි මේ කිරි අම්මල කිසිම හාවක් හූවක් නෑ. ඇයි යකෝ මැටි පිළීමවලට හා හූ කියන්න පුළුවනැයි. ඒ වුණාට මේ මැටි පිළිමවලට ඉස්සරහ තියෙන බඩු තොගේ. මගෙ අම්මෝ සබන්, කිරිපිටි, තුවා අරව මේව මහ ගොඩයි. සමහර කිරි අම්මල පේන්නෙත් නෑ. ඒ තරම් බඩු.
කිරි අම්මාවරුන්ගේ බඩු තොගේ
එතනින් එළියට එනකොට තියෙනව මහ නුග ගහක්. මේ නුග ගහේ ඩිජිටල් බෝඩ් එකක් ගහල තියෙනවා “රාත්‍රියේ කළු දේවතා බණ්ඩාර එළිය වඩින ඉපැරණි නුග ගස“ කියල. ආතල් එක තියෙන්නේ මේ කළු දේවතා බණ්ඩාර වදින එක නෙමෙයි, ඒ බණ්ඩාර බලන්න යන අයව. පඩි පෙල් නැගල උඩට ගිහින් එතන තියෙන කළු ගලේ නළල ඔබල ආශිර්වාද ගන්න ඕනේ. හැබැයි නළල ගහල ආශිර්වාද කරන්නේ පඩුරු පෙට්ටියට පඩුරු දාන අයට විතරයි. පඩුරු නැත්තං ආශිර්වාදත් නෑ. මාර දෙයියො අප්පා . මෙහෙම කියන්න ගියොත් මේ තැන ගැන කියන්න තියෙන දේවල් හුගයි.
කිරි අම්මාවරු රකින සීසීටීවී දෙයියෝ
මේ ඔක්කොම මෙහෙම කියන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ ආණ්ඩුව හැම පුරවැසියෙකුටම බදු ගහනව. අපි කන බත් ඇටයෙ ඉඳන් බොන තේ උගුරෙ ඉඳන් බදු ගහන ආණ්ඩුව අපි හැමෝටම බදු ෆයිල් එකකුත් විවෘත කරල. අපි කන බොන, යන එන, අඳින පළඳින, හැමිනෙන මේ හැම එකකින්ම ආණ්ඩුව බදු එකතු කරනව. එහෙම එකතු කරන්න අපි හම්බ කරන විදිය ගැන ආණ්ඩුව ගණන් හදනව.
හැබැයි මේ වගේ තැන් ගැන මොකද්ද තියෙන ගණන් හැදිල්ල. මේ වගේ තැන් ගණනාවක් ලංකාව පුරාම විහිදිලා තියෙනවා. දෙයියන්ගේ නම විකුණල මේ වගේ තැන් හම්බු කොරන හම්බු කිරිල්ල ගැන කොතනද සඳහනක් වෙන්නේ. දැන් දෙයියො බදු වලින් නිදහස්ද?
අනික තමයි මේ වගේ තැන් නඩත්තු කරන අපේ රට හරක්. මුංට මේව අමු බොරු කියල පෙනි පෙනි මේවට අහුවෙන හැටියට ඉතින් අපි තව කාලාන්තරයක් යනකං ගෙඩ එනව බොරු තමයි ඕං.
0 comments :
Post a Comment